විදේශ

TikTok ගැන අමෙරිකාව දැඩි තීරණයක් ගනී !

TikTok තහනම් කිරීම සඳහා මඟ පෑදෙන පනත් කෙටුම්පත සඳහා අමෙරිකානු සෙනෙට් මණ්ඩලය සිය අනුමැතිය ලබාදී තිබේ.

TikTok හිමිකරු වන බයිට්ඩාන්ස් සමාගමට ඒ අනුව එම මෙවලමේ තමන් සතු කොටස් විකිණීමට මාස 9ක කාලයක් ලබාදී ඇති අතර එම කාලය තුළ කොටස් විකිණීම සිදුනොකළහොත් TikTok අමෙරිකාව තුළ තහනම් කිරීමට නියමිතය.

මෙම පනත් කෙටුම්පත නුදුරේදීම අනුමැතිය සඳහා ජනාධිපති ජෝ බයිඩන් වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ඔහු පවසා ඇත්තේ තමාට එය ලැබුණු විගස ඊට සිය අත්සන තබා එය නීතියක් බවට පත්කරන බවයි.

එය එසේ සිදුකළහොත් TikTok කොටස් විකිණීම සඳහා බයිට්ඩාන්ස් සමාගමට චීන බලධාරීන්ගේ අනුමැතිය ලබාගත යුතුය. ඔවුන් පවසන්නේ මෙය කොටස් විකිණීමට බලහත්කාරය පෑමක් ලෙසයි.

ඊට කිසිසේත් එකඟ නොවන බව චීනය පැවසීය.

TikTok තහනම සඳහා සෙනෙට් මණ්ඩලයේ 79 දෙනෙක් පක්ෂව ඇති අතර විරුද්ධ වී ඇත්තේ 18ක් පමණි.

ටික්ටොක් භාවිත කරන්නන් මිලියන 150ක් අමෙරිකාවේ සිටින අතර එය තහනම් කළහොත් ඔවුන්ගේ නිදහස් භාෂණයට ඇති අයිතියට බලපෑම් ඇතිවන බවත් එමගින් ව්‍යාපාර මිලියන 7කට බලපෑම් ඇතිවිය හැකි බවත් බයිට්ඩාන්ස් සමාගම පැවසීය.

එසේම ටික්ටොක් මගින් වාර්ෂිකව අමෙරිකානු ආර්ථිකයට බිලියන 24ක දායකත්වයක් ලබාදෙන බවද සඳහන් ය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago