ශ්‍රී ලංකා

අහසට එක්වුණු දකුණු ආසියාවේ ප්‍රථම අහස් පාලමෙන් යුත් ITC රත්නදීප විවෘත වෙයි !

ගාලු‍මුවදොර අලංකාරය තවත් වැඩි කරන ITC රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය අද (25) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විවෘත කරනු ලැබුවා.

මෙය ඩොලර් මිලියන 300ක ඉන්දියානු ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක මෙම ITC රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය ඉන්දියානු ITC සමාගම ඉන්දියාවෙන් පිටතදී සිදුකළ විශාලතම ආයෝජනය වනවා.

ගාලු‍ මුවදොරට අලංකාරයක් එක් කරමින් අක්කර 5.86ක වපසරියක ඉදිකර ඇති මෙම ව්‍යාපෘතියේ උසම ගොඩනැගිල්ල තට්ටු 48කින් සමන්විත වන අතර, එහි උස මීටර් 224ක්.

එය අධි සුඛෝපභෝගි කාමර 352කින් සමන්විතයි.

මෙහි සුවිශේෂතාව වන්නේ මෙම ගොඩනැගිලි ද්විත්වය මීටර් 55ක දිගකින් යුත් ස්කයි බි්‍රජ් හෙවත් අහස් පාලමකින් යා කර තිබීම හේතුවෙන් මෙය දකුණු ආසියාවේ එකම සහ පළමු අහස් පාලමයි.

මෙම අහස් පාලමේ අති සුඛෝපභෝගි පිහිනුම් තටාක දෙකක්ද ඉදිකර තිබෙනවා.

එමෙන්ම එහි සිටින පිරිස් වෙත ආහාරපාන ලබා ගැනීමට අහස නමින් හැඳින්වෙන ස්ථානයක්ද ස්ථාපිත කර තිබෙන අතර, එම ස්ථානයට ගාලු‍ මුවදොර ඉතා අලංකාරවත් අයුරින් දර්ශනය වනවා.

රත්නදීප ව්‍යාපෘතිය අති නවීන අංගෝපාංගවලින් සමන්විත අලංකාර උත්සව ශාලා 5කින්ද සමන්විතයි.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

1 day ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago