දක්ෂ අධ්‍යාපන පරිපාලකයෙක් ලෙස කීර්තියක් සහිත විදුහල්පතිවරයෙක් වූ කුරුණෑගල මාස්පොත නාලන්දෝදය ජාතික පාසලේ විදුහල්පති ආනන්ද දසනායක සිය නිවසේ ඉහළ මාලයේ කාමරයක ගෙල වැල ලාගෙන සිය දිවි නසාගෙන තිබේ.
අද ( 25 ) උදෑසන ඔහුගේ සිරුර හමවී ඇතැයි පොලිසිය කියයි.
සිය 31 වසරක ගුරු ජීවිතය තුළ පුරා වසර 24ක් විදුහල්පතිවරයෙක් ලෙස සේවය කර ඇති ආනන්ද දසනායක නාලන්දෝදය ජාතික පාසල කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රමුඛම පාසලක් ලෙස නගා සිටුවීමේ මුඛ්‍ය වගකීම දැරා තිබුණේ විදුහල්පති ආනන්ද දසනායක විසිනි.
මෙම ඛේදජනක ඉරණමට මුහුණ දෙන විට ඔහු 55 වැනි වියේ පසුවිය. ඔහු අද දින සිට කුරුණෑගල තවත් ජනප්‍රිය පාසලක්වන ලක්දාස් මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස වැඩ භාරගැනීමට සූදානමින් සිටියේය. එම විදුහල සඳහා විදුහල්පතිවරයෙක් තෝරා ගැනීම සඳහා කළ සම්මුඛ පරීක්ෂණයෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමෙනි.
උහුලා ගත නොහැකි ආර්ථික ගැටලු නිසා ඔහු මානසික පීඩනයට පත් වී සිටි බව වාර්තා වේ. කුරුණෑගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…