යාපනය කොකුවිල් දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමෙන් ලද ආදායමෙන් රුපියල් ලක්ෂ විසි හතරක මුදලක් වංචා වීමත් සමගම දුම්රිය විමර්ශන නිලධාරීන් විසින් කොකුවිල් දුම්රිය ස්ථානයට ඊයේ ( 25 )දා සීල් තබා ඇත.
කොකුවිල් දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් මෙම මුදල වංචා කොට ඇති බවට යාපනයේ දුම්රිය නිලධාරීන් කෝපායී පොලීසියට පමිණිලි කොට තිබූ අතර දුම්රිය දෙපාර්තමේන්තුවෙන්ද මෙම වංචාව සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් ආරම්භ කොට තිබුණි.
එම පරීක්ෂණය සිදු කල නිලධාරීන්ගේ වාර්තාවට අනුව එම දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමෙන් ලද ආදායමෙන් රුපියල් ලක්ෂ ලක්ෂ විසි හතරක මුදලක් වංචා වී අති බව හෙළි වී තිබේ.
දුම්රිය බලධාරීන් විසින් කොකුවිල් දුම්රිය ස්ථනාධිපතිවරයාගේ සේවය මේ වන විට තාවකාලිකව අත්හිටුවා ඒ සම්බන්ධයෙන්ද පොලිසිය වෙත පමිණිල්ලක් යොමු කොට තිබේ.
දුම්රිය විමර්ශන නිලධාරීන් විසින් කොකුවිල් දුම්රිය ස්ථානයට සීල් තබා එම දුම්රිය ස්ථානයට පැමිණෙන මගීන්ට තමන්ට අවශ්‍ය දුම්රිය ප්‍රවේශපත්‍ර යාපනය දුම්රිය ස්ථානයෙන් ලබා ගන්නා ලෙසටද දැන්වීමක් කොකුවිල් දුම්රිය ස්ථානයේ අලවා තිබේ.
පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් සිකරගෙන යන පරීක්ෂණ මෙතෙක් හමාර වී නොමැති අතර එම දුම්රිය ස්ථානයේ මුදල් වංචාවක් සිදුව අත්නම් දුම්රිය ස්ථානාධිපතිවරයා අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරණ බව කෝපායී පොලීසියේ වංචා විමර්ශන අංශයේ නිලධාරීන් කියා සිටියි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…