මුදල් ගෙවා තිබියදීත් මුදල් වංචා කළැයි කියමින් මිනිසුන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව දැඩි ලෙස පොලිසිය දෝෂාරෝපණයට ලක් කළ වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවව්දාන, මුදල් වංචා කළැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත මුදාහැරීමට ඊයේ (25) නියම කළේය.
චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා කඳාන ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන එම මුදල ආපසු නොදී විශ්වාසය කඩ කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කඳාන පොලිසිය විසින් සන්නස්ගල මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර අතර සිද්ධියට අදාළව කරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ කඳාන පොලිසියේ නිලධාරීහු, චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසමින් මාසයක කාලයක් තුළ ගෙවීමේ පොරොන්දුව මත සැකකරු පැමිණිලිකරුගෙන් රුපියල් ලක්ෂ10ක මුදලක් ලබාගෙන ඇතැයිද එම මුදල නියමිත දිනයේදී ආපසු නොදී විශ්වාසය කඩකර ඇතැයිද පැවසීය.
මේ පිළිබඳ ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව දැනුම් දුන් කඳාන පොලිසියේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කරන හෙයින් සැකකරු රිමාන්ඩ් කරන්නැයි ඉල්ලා සිටි අතර එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින් තම සේවාදායකයා චිත්‍රපටයක් නිෂ්පාදනය කරන බව දැනගෙන පැමිණිලිකරු රුපියල් ලක්ෂ 10ක මුදලක් දුන්නේ ප්‍රදානයක් වශයෙන් මිස ණය මුදලක් වශයෙන් නොවේ යැයි කරුණු දක්වමින් පැවසීය.
කෙසේනමුත් පසු අවස්ථාවක සේවාදායකයා ඔහුට අදාළ මුදල ගෙවූ බව දැනුම් දෙමින් ඒ සඳහා මුදල් කුවිතාන්සිද උසාවියට ඉදිරිපත් කළ නීතිඥවරු මේ පිළිබඳ කරුණු පොලිසියට දැනුම් දුන්නත් ඔවුන් එම කරුණු නොසළකා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියහ.
දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලීමෙන් අනතුරුව පොලිසියේ ක්‍රියාකලාපය දැඩි ලෙස දෝෂාරෝපණයට ලක්කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදාහැරීමට නියම කළේය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…