තමන්නා සහ සන්ජේ දත් IPL නඩුවකට පැටලෙයි !

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ විකාශන අයිතිය හිමි සමාගමේ අනුමැතියකින් තොරව නීති විරෝධී ලෙස තරග විකාශය කිරීමෙන් හා ඔට්ටු ඇල්ලීමේ යෙදුමක් ප්‍රවර්ධනය කිරීමෙන් ඉන්දීය රුපියල් කෝටි 100ක පාඩුවක් සිදුව ඇතැයි කියන පැමිණිල්ලට අදාලව සුපිරි නිළි තමන්නා භාටියාට (Tamannaah Bhatia) එරෙහිව පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මහාරාෂ්ට්‍ර සයිබර් පොලිස් විමර්ශන අංශය විසින් තමන්නා භාටියාට සිතාසි යවා ඇති අතර මේ 29 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

මෙම නඩුවට අදාළව බොලිවුඩ් නළු සංජේ දත්ට පසුගිය 23 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දුන්නද ඔහු පැමිණියේ නැහැ.

තම ප්‍රකාශය සටහන් කර ගැනීමට ඔහු වෙනත් දිනයක් ඉල්ලා තිබෙන බව විදෙස් වාර්තාවල සඳහන් වනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඔට්ටු ඇල්ලීමේ යෙදුමක් ප්‍රවර්ධනය කිරීමට එක්වූ බවට චෝදනා ලැබ සිටින නලු නිළියන් වන සංජේ දත්, ජැකලින් ෆර්නැන්ඩර්ස් සහ රැප් ගායක බාද්ෂා සමග සම්බන්ධ පුද්ගලයන්ගේ ප්‍රකාශද පොලීසිය විසින් සටහන් කර ගෙන තිබෙනවා.

එම ඔට්ටු ඇල්ලීමේ යෙදවුම ප්‍රවර්ධනයට අනුබල දුන් ප්‍රසිද්ධ පුද්ගලයින් 40කට වැඩි පිරිසක් විමර්ශනයට ලක්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

17 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago