මිනිස් ඇට සැකිලි, නිල ඇදුම් සමග තවත් සමූහ මිනී වළක් කිලිනොච්චියෙන් හමුවෙයි – ප්‍රදේශයට දැඩි ආරක්ෂාව (PHOTOS)

කිළිනොච්චිය පලෙයි මුහමාලේ ප්‍රදේශයෙන් තවත් සමූහ මිනී වළක් හමු වී තිබේ.

ඒ සමගම එම ප්‍රදේශය ආරක්ෂිත කලාපයක් ලෙස සලකුනු කොට ප්‍රදේශයට පූර්ණ ආරක්ෂාව සලසා දෙන ලෙස කිළිනොච්චිය මහේස්ත්‍රාත් ස්මිත් ජෙමිල් පලෙයි පොලීසියට ඊයේ (27) නියෝග කොට තිබේ.

අනතුරුව ඔවුන් විසින් ඒ පිළිබඳව පලෙයි පොලිසියට වාර්තා කර ඇති අතර මේ වන විට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව කිලිනොච්චිය මහේස්ත්‍රාත්වරයා එම ස්ථානයට ගොස් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වා තිබෙනවා.

අදාළ ස්ථානයේ කැණීම් කටයුතු එළඹෙන සඳුදා (29) සිදුකිරීමට ඔහු නියෝග කර තිබෙනවා.

මුහමාලේ ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත කණ්ඩායමකට මෙම සමූහ මිනි වළ නිරීක්ෂණය වී ඇති අතර එම ස්ථානයෙන් පුද්ගලයින් තුන් දෙනෙකුගේ බවට සැක සිතිය හැකි මිනිස් ඇට සැකිළි තොගයක්ද තවත් මිනිස් ඇට සැකිලි කොටස්ද හමු වී තිබේ.

එම වලේ තවත් කොටසකින් කොටි සාමාජිකයින් භාවිත කළ ආකාරයේ නිල ඇදුම්වලට සමාන ඇදුම් කැබලි විශාල ප්‍රමාණයක්ද හමු වී ඇත.

බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත කණ්ඩායම වහාම මේ පිළිබඳව පලෙයි පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලීසිය පැමිණ මූලික පරීක්ෂණ ආරම්භ කොට මෙම මිනී වළ සම්බන්ධයෙන් කිළිනොච්චිය අධිකරණය දැණුවත් කොට තිබේ.

ඒ අනුව අලුතින් හමු වූ මෙම සමූහ මිනී වළ පිහිටි ප්‍රදේශය කිළිනොච්චිය මහේස්ත්‍රාත්වරයා හා කිළිනොච්චිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ නිරීක්ෂණයට ලක් වී තිබේ.

බිම්බෝම්බ ඉවත් කිරීමේදී මතු පිටට ඉලිප්පී පැමිණි මිනිස් ඇට සැකිලි කොටස් හා නිල ඇඳුම් පොලීසිය බාරයට ගන්නා ලෙසද එහිදී මහේස්ත්‍රාත්වරයා පලෙයි පොලීසියේ නිලධාරීන්ට දැනුම් දී තිබේ.

ඒ අනුව පොලීසිය එම ද්‍රව්‍ය ඉතා සුරක්ෂිත ලෙස පොලිස් බාරයට ගෙන ඇත.

මෙම සමූහ මිනී වළේ කැණීම් කටයුතු ආරම්භ කිරීම සඳහා කිළිනොච්චිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ නිර්දේශයක් අධිකරණයට ලැබීමෙන් පසුව දින නියම කරන බවද මෙහිදී මහේස්ත්‍රාත්වරයා දැනුම් දී තිබේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago