ශ්‍රී ලංකා

මැණික්හින්න රෝහලේ ගුටි බැට හුවමාරුවක් – 07 කට තුවාල

ඊයේ (28) රාත්‍රීයේ මැණික්හින්න රෝහල තුළ හටගත් කළහකාරී තත්ත්වයක් හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර තිබේ.

මැණික්හින්න ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයක් අතරවාරයේ තුවාල ලැබු පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා රෝහල වෙත රැගෙනවිත් ඇති අතර එහිදී රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින්ද අවුරුදු උත්සවයකට සහභාගීවී තිබීම හේතුවෙන් රෝගියාට ප්‍රතිකාර කිරීම ප්‍රමාද වී ඇත.

ඒ සම්බන්ධයෙන් විමසීමේ දී රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ තුවාල ලැබු පාර්ශ්වය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබේ.

පසුව මෙය ගැටුමක් දක්වා වර්ධනය වී ඇති අතර එහිදී දෙපාර්ශ්වයේම පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ලද දුරකතන පණිවුඩයක් අනුව මැණික්හින්න පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් පැමිණ ගැටුම සමථයකට පත් කර දෙපාර්ශවයේ තුවාළ කරුවන් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ.

තුවාල ලැබුවන්ගෙන් 05 දෙනෙකු මැණික්හින්න රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින් බව පොලීසිය සඳහන් කළේය.

මෙම කළහකාරී සිද්ධියේ දී වාහන කීපකට ද අලාභහානි සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මැණික්හින්න පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago