ගජමුතු තොගයක් සහ රිදී මංජුසාවක් ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු මඩකලපුව ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බළකාය කල්මුණ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (29) මඩකලපුව පොලිස් වසමේ – පුලියන්තිව් ගාන්ධි ළමා උද්‍යානය ඉදිරිපිට දී වැටලීමක් සිදුකර තිබුණා.
එම අවස්ථාවේදීයි ගජමුතු 11ක් සමඟ රිදී මංජුසාවක් සන්තකයේ තබාගෙන සිටි අවුරුදු 30ක් වන වෙන්කලඩි ප්‍රදේශයේ පදිංචි අදාළ පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එම ගජමුතු තොගය සහ රිදී මංජුසාව රුපියල් කෝටි දෙකහමාරකට අධික වටිනාකමකින් යුක්ත වන බවයි වාර්තා වන්නේ.
එහිදී විශේෂ කාර්ය බලකා භාරයට ගත් ගජ මුතු සහ රිදී මංජුසාව සමග සැකකරු මඩකලපුව පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…