පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කර තවත් පුද්ගලයින් 45 දෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පවරා ඇති නඩුවේ තීන්දුව අද (30) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා.
නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබු අතර මෙම සිදුවීම වාර්තා වූයේ මීට වසර 11කට පෙරයි.
ඒ අනුව දීර්ඝ නඩු විභාගයකින් අවසන එහි තීන්දුව අද(30) මෙලෙස ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා.
2013 වසරේ අගෝස්තු මස 01 වැනිදා ගම්පහ වැලිවේරියේ රතුපස්වල ප්‍රදේශයේ කම්හලකින් පිටවන අපද්‍රව්‍ය මඟින් පානීය ජලය විෂ වී ඇති බව පවසමින් ප්‍රදේශවාසීන් ඊට එරෙහිව පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණයක් පැවැත්වුවා.
පැවති එම විරෝධතාව අතරතුර සිදුවූ හමුදා වෙඩි තැබීමකින් තිදෙනෙකු ඝාතනය වුණා.
එම වෙඩි තැබීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු මියගිය අතර පුද්ගලයින් 45 දෙනෙකු පමණ පිරිසක් තුවාල ලැබු බව සඳහන්.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…