කටුනායක ගුවන් තොටුපොළ තුළ වීසා නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටිය නිසි පරිදි ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඊයේ (01) දිනයේ එම පරිශ්‍රය තුළ දැඩි උණුසුම්කාකාරී වාතාවරණයක් ඇති වී තිබෙනවා.
එම පරිශ්‍රය තුළ දිගු පෝලිම් නිර්මාණය වී තිබු අතර ඒ හේතුවෙන් අපහසුතාවට පත්වූ විදේශීය සංචාරකයන් ඊට දැඩි විරෝධයක් පළකර ඇති අතර ඒ සමග උණුසුම්කාකාරී වාතාවරණයක් ඇති වී තිබෙනවා.
මෙතෙක් මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කළ වීසා නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටිය ඊයේ (01) පස්වරු 5.00 සිට ඉන්දීය පෞද්ගලික සමාගමකට පැවරුණා.
ඒ සමග ඉන්දීය සමාගමේ නිළධාරීන්ට එම පද්ධති නිසි පරිදි ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙලෙස දිගු පෝලිම් නිර්මාණය වී ඇති අතර උණුසුම්කාරී වාතාවරණයක් ඇතිවීමට හේතුව ද එය වනු ඇති.
මෙතෙක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ වීසා අයදුම් කිරීම සහ ඒවා ලබා දීම විනාඩියක් වැනි කෙටි කාළයක් තුළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කර තිබුණා.
ඔවුන් ඒ සදහා ඉන්දියාව, චීනය වැනි වැඩි වශයෙන් සංචාරකයන් මෙරටට පැමිණෙන රටවලින් ගාස්තු අය නොකළ අතර සාර්ක් රටවල සංචාරකයන් සදහා දින 30ක කාළයක් සදහා ඇමෙරිකානු ඩොලර් 20ක් ද, අනෙකුත් රටවල සංචාරකයන් සදහා ඇමෙරිකානු ඩොලර් 50ක ගාස්තුවක් ද අය කළ බව සඳහන්.
එහිදී වයස අවුරුදු 12ට අඩු සහ සංක්‍රමණික ගුවන් මගීන් සදහා නොමිලේ වීසා නිකුත් කිරීම ද සිදු කර තිබුණා.
කෙසේ වෙතත් ඊයේ (01) සවස 05.00 ට මෙම වීසා නිකුත් කිරීම භාර ගත් ඉන්දීය පෞද්ගලික සමාගම මගින් සාර්ක් රටවල සංචාරකයන්ගෙන් සිය වීසා ගාස්තුවට අමතරව ඇමෙරිකානු ඩොලර් 22ක් ද අනෙකුත් රටවල සංචාරකයන්ගෙන් ඇමෙරිකානු ඩොලර් 25ක මුදලක් ද අය කිරීමට පියවර ගෙන තිබෙනවා.
මෙහිදී මෙම වීසා ගාස්තු තුළ සේවා ගාස්තු (Service Charge) සහ පහසුකම් සැළසීමේ ගාස්තු (Convenience Charge) ගාස්තු අය කිරීමක් ද සිදු කර තිබු අතර ඒ අනුව සමස්ථ වීසා සදහා මුළු ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 100.77ක්.
එම මුදලින් ඇමෙරිකානු ඩොලර් 25ක් මෙම ඉන්දීය පෞද්ගලික සමාගම වෙත යොමු වන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීවරයෙකු කියා සිටියේ.
ඒ යටතේ ශ්‍රී ලංකාවට වසරක කාළයක් තුළ සංචාරකයන් මිලියන 03ක් පැමිණිය හොත් මෙම ඉන්දීය පෞද්ගලික සමාගම වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 66ක් හෙවත් රුපියල් මිලියන 20,000ක ආදායමක් හිමි වන බව එම නිළධාරියා පෙන්වා දුන්නා.
ඊයේ පස්වරු 05.00 ට පමණක් ඉන්දීය සහ ශ්‍රී ලංකා නිලධාරීන් 10 දෙනෙකු පමණ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ වීසා නිකුත් කිරීම ආරම්භ කළ ද එදින රාත්‍රී 08.30 පමණ වන තෙක් දිගු පෝලිම් දක්නට ලැබූණා.
ඒ අතරතුර විදෙස් සංචාරකයන් ප්‍රකෝප වී උණුසුම්කාකාරී වාතාවරණයක් ද ඇති වී තෙබේ.
යළි රාත්‍රී 09.00ට පමණ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දිගු පෝලිම් ඇති වී කළහකාරී ලෙස විදේශ සංචාරකයන් හැසිරීමට පටන් ගෙන තිබෙනවා.
ඒ හේතුවෙන් ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා, කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය, ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්, බුද්ධි අංශයේ නිලධාරීන් ද පැමිණ සිටියා.
පසුව මෙම ඉන්දීය පෞද්ගලික සමාගමේ නිලධාරීන් වීසා නිකුත් කිරීම රාත්‍රී 11.30ට පමණ තාවකාලිකව අත්හිටුවා , තමන් වෙත එකතු වී තිබූ මුදල් ද රැගෙන ගුවන් තොටුපොළෙන් පිටතට ගොස් තිබෙනවා.
මේ අතර ආගමන විගමන පාළක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් හට එම අවස්ථාවේ සිට පැරණි ගාස්තු ක්‍රමය යටතේ අය කිරීම් සිදු කරමින් වීසා නිකුත් කිරීම ආරම්භ කිරීමට උපදෙස් සහ නියෝග ලබා දී තිබූ බැවින් මේ වනවිට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්
සාමාන්‍ය පරිදි වීසා නිකුත් කිරීම සිදු කරගෙන යන බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
වෙන රටවල් වලට සල්ලි හම්බ කරන්න ඉඩ දෙන බුරු පාළකයින් ඉන්න කම් රටක් නම් ගොඩ ගන්න බෑ.....ජරාව කන ඌරු හැත්ත....