කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් කන්ද කුඩාව ගමේ නිවසක ළිඳක තිබී මාස දෙක හමාරක් වයසැති සිගිති දියණියකගේ මෘත දේහය සොයා ගෙන තිබෙනවා.
එම නිවසේ ළිදේ පාවෙමින් තිබියදී කල්පිටිය පොලිසිය විසින් මෙම මෘත දේහය සොයා ගෙන තිබුණා.
පොලීසිය සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් දරුවාගේ මව සැක පිට අත් අඩංගුවට ගෙන ඇති බවයි.
අද (02) අලුයම 5.10 ට පමණ 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට අසල්වැසියෙකු විසින් ලබාදුන් පණිවිඩයකට අනුව පොලිසිය මෙම මෘත දේහය සහිත ළිඳ සොයාගෙන තිබුණා.
මෙසේ මිය ගොස් ඇත්තේ මොහොමඩ් ෆාතිමා සෙයිමා නම් දැරියක්.
දරුවාගේ මවත් අට හැවිරිදි දැරියක් සහ හතර හැවිරිදි පුතු සිදුවීම වූ අද දිනයේ අලුයම නිවසේ සිට තිබුණා.
පොලීසිය සඳහන් කළේ පියා එම අවස්ථාවේ නිවසේ නොසිට ඇති අතර ඔහු රැකියාව සදහා වෙනත් ප්‍රදේශයකට ගොස් ඇති බවයි.
පොලිසිය විසින් ප්‍රකාශ ලබා ගැනීම සදහා මේ වන විට ඔහුවද පොලිසියට කැඳවා ඇති බවද වාර්තා වෙනවා .
කල්පිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති අතර, මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…