දමිතා අබේරත්න මානව හිමිකම් යයි !

අනීතිකව අත්අඩංගුවට ගැනීම හරහා සිය මානව හිමිකම් උල්ලංඝනය වූ බව පවසමින් රංගන ශිල්පිණි දමිතා අබේරත්න මහත්මිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා පසුගිය 24 වනදා ඇප මත මුදාහැර තිබුණි.

කෙසේ වෙතත් තමාව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයෙන් දේශපාලනයට පිවිසීම නිසා තමාට අකටයුතුකම් සිදුවීමට හේතුවී ඇති බවය.

එමෙන්ම සමාජ මාධ්‍ය නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රංගන ශිල්පිණි දමිතා අබේරත්න සඳහන් කළේ ඉරාජ් වීරරත්න ඩෑන් ප්‍රියසාද් ඇතුළු පිරිසක් සහ බංකොලොත් වූ පොහොට්ටු පක්ෂයේ පිරිසකගේ කුමන්ත්‍රණයක් හේතුවෙන් තමන්ට බන්ධනාගාරගත වීමට සිදුවූ බවයි.

මිලියන තුනක මුදල් වංචාවක් කළ බවට තමන්ට චෝදනා එල්ල කරන පුද්ගලයා එය සිදු කරන්නේ ජනප්‍රියත්වය ලබාගැනීමට බවත් අරගලයෙන් පසු මෙම පුද්ගලයා තම නිවසට එවන ලද්දේ සැලසුම් සහගතව බව පැවසූ ඇය තම සැමියාට එම පුද්ගලයා ඩුබායිහි බන්ධනාගාරයක දී මුණ ගැසී ඇති බව ද එහිදී හෙළිදරව් කළා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago