ශ්‍රී ලංකා

Fox Hill අනතුරෙන් දිවි අහිමිවූවන්ට සහ තුවාලකරුවන්ට ලැබෙන වන්දි මුදල මෙන්න !

පසුගියදා පැවති ෆොක්ස් හි​ල් (Fox Hill) මෝටර් රථ ධාවන තරඟය අතරතුර සිදුවූ අනතුරින් දිවි අහිමි වූවන්ට හා තුවාල ලැබූවන්ට වන්දි මුදලක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශ තීරණය කර තිබෙනවා.

ඒ අනුව දිවිය අහිමි වූ හත් දෙනා හට එක් අයකුට රුපියල් මිලියනය බැගින් ලබාදීමට තීරණය කර ඇති අතර තුවාල ලැබූ අයට 250,000 බැගින්ද ලබාදීමට තීරණය කර ඇති බවයි ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනය කළේ.

අදාළ තරගාවලියේ​දී මෝටර් රථයක් නරඹන්නන් වෙතට කඩා වැදීමෙන් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 23 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙම ඛේදජනක රිය අනතුරු සිදුකිරීමට සම්බන්ධ වූ මෝටර් රථ රියදුරන් දෙදෙනා මුලින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ නමුත් පසුව ඇප මත මුදා හැරිණි.

අනතුරට සම්බන්ධ තත්ත්වයන් අනාවරණය කර ගැනීමට සහ අනාගතයේදී එවැනි සිදුවීම් වළක්වා ගැනීම සඳහා මේජර් ජෙනරාල්වරයෙකුගේ නායකත්වයෙන් යුත් සත් පුද්ගල විමර්ශන මණ්ඩලයක් ද පත් කරන ලදී.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago