රුසියානු හමුදාවේ සේවය සඳහා පිටත්ව ගොස් මුලාවී අතිශය දුෂ්කරතා විඳින මෙරට ආරක්ෂක අංශවල විශ්‍රාමික සාමාජිකයන් අතරින් තවත් පිරිසක් එම කටුක අත්දැකීම් පිළිබඳ අනාවරණයක් සිදුකරනු ලැබුවා.
මිනිස් ජවාරමට හසුවූ මෙම පිරිස මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම ජාවාරම්කරුවන්ට හසු නොවන ලෙසය.
මෙය රුසියානු හමුදාවේ රැකියා අපේක්ෂාවෙන් එරටට ගොස් වැග්නර් කුලී හමුදාවේ සේවය කරන්නට සිදුවුණු මෙරට විශ්‍රාමික හමුදා සෙබළුන් කිහිපදෙනෙකු මුහුණදුන් ඛේදනීය අත්දැකීම්ය.
මෙම පිරිස එරටට යවා තිබුණේ රුසියානු හමුදාවේ ඉහළ වැටුප්වලින් යුත් රැකියා ඇති බව පවසමිනි.
තමන් රුසියානු හමුදාවේ සේවය සඳහා යොමුකරන බව පැවසුවද, සිදුවූයේ වැග්නර් කුලී හමුදාවේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සේවයට යාමට බව ඔවුන් පවසයි.
ඉහළ වැටුපක් මෙන්ම රුසියාවේ ඉඩම් ඇතුළු දේපළද ලබාදෙන බවට මෙරට නියෝජිතයන් පැවසුවත් ඒ කිසිවක් ඉටු නොවූ බවත් මාස කිහිපයකින් තමන්ට වැටුපක් හෝ නොලැබුණු බවත් ඔවුන් පවසයි.
එරට යුද පෙරමුණේ සිටින ශ්‍රී ලාංකීය සෙබළුන් ඔවුන් එරට යුද පෙරමුණේ සිටින දර්ශන පෙළක් ද ලැබී තිබෙනවා.
මෙරට විශ්‍රාමික සෙබළු රැවටූ මෙම ජාවාරම සම්බන්ධයෙන් මෙරට යුද හමුදාවේ විශ්‍රාමික මේජර්වරයෙකු ඇතුළු කිහිපදෙනෙකුට චෝදනා එල්ලව අති බවද වාර්තාවේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…