ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ තමන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක වීඩියෝ පට හුවමාරු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකුට සහ අමෙරිකානු සමාගම් දෙකකට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබෙනවා.
අන්තර්ජාල ආරක්ෂණ පනතේ විධිවිධාන යටතේ යුද හමුදාපතිවරයා විසින් අඟහරුවාදා (මැයි 07) අධිකරණයේ මෙම නඩුව ගොනු කර ඇති බවයි පැවසෙන්නේ.
විදේශගත ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තුෂාර සාලිය රණවක සහ ඇමරිකානු බහුජාතික සමාගමක් වන ගූගල් සහ එහි අන්තර්ජාල වීඩියෝ හුවමාරු වේදිකාවේ යූ ටියුබ් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.
තම නඩුව ගොනු කරමින් යුද හමුදාපතිවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ වගඋත්තරකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කරන ලෙසත් එම අපහාසාත්මක වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ තවදුරටත් ප්‍රචාරය වීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙසය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…