රත්ගම දේවපතිරාජ විභාග මධ්‍යස්ථාන භූමියට ඇතුල් වී මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් සිසුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිසුන් දෙදෙනෙකු ඊයේ (08) අත්අඩංගුවට ගත් බැව් රත්ගම පොලිසිය පවසයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්ගම ගම්මැද්දගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17 සහ 16 වැනිවියේ පසුවන සිසුන් දෙදෙනෙකි.
පහරකෑමට ලක්වූ සිසුවා රත්ගම දේවිනිගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු රත්ගම දේවපතිරාජ පාසලේ ඇති විභාග මධ්‍යස්ථානයේ මෙවර සා.පෙළ විභාගයට පෙනී සිටින සිසුවෙකි. මෙකී සිසුවා විභාග මධ්‍යස්ථාන භූමිය තුළ සිටියදී සැකකාර සිසුන් දෙදෙනා අයුතු ලෙස විභාග මධ්‍යස්ථාන භූමියට ඇතුල් වී මෙකී සිසුවාට හිස්වැසුමකින් පහරදී ඇති බව පොලිසිය පවසයි. සිසුවාගේ නළලට තුවාල සිදුවී ඇත. පහරකෑමට ලක්වුවද මෙම සිසුවා විභාගයට ඊයේ දින ද පෙනී සිට ඇත. පාසලේ දී ඇති වූ පැරණි ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුකොට ඇති බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සිසුන් දෙදෙනා අද (09) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. රත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යු.එල්.ඩී ප්‍රියන්තගේ මෙහෙයවීම යටතේ සැකකාර සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබීය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…