ශ්‍රී ලංකා

සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය WhatsApp දැමූ උපකාරක පන්ති ගුරුවරයා අත්අඩංගුවට !

මේ දිනවල පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය WhatsApp සමූහ වෙත මුදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උපකාරක පංති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වි‍ශේෂ විමර්ශන ඒකකය විසින් අද (12) එම සැකකරු මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ වට්ස්ඇප් සමූහයේ සාමාජිකයින් 1,025 දෙනකු සිටින බවටද මූලික විමර්ශනවලින් හෙළි වී තිබේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පසුගිය 09 වනදා පැවති අතර කාලසටහනට අනුව ප්‍රශ්න පත්‍රය සිසුන්ට ලබාදී තිබුණේ උදෑසන 8.30ට ය.

කෙසේවෙතත් මෙම සැකකාර ගුරුවරයා විසින් එම ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය උදෑසන 9.11ට පමණ වට්ස්ඇප් සමූහ වෙත මුදාහැර ඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාර උපකාරක පංති ගුරුවරයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වි‍ශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකරයි.

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පසුගිය 06 වනදා ඇරඹුණු අතර එය එළඹෙන 15 වනදා දක්වා පැවැත් වේ.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago