ඉන්දුනීසියාවේ බටහිර ජාවා පළාතේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.
උපාධි උත්සවයක් සඳහා සිසුන් ප්‍රවාහනය කළ බස් රථයක් එලෙස අනතුරට ලක්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වී මෝටර් රථ සහ යතුරුපැදි කිහිපයක ගැටී අනතුර සිදුවී ඇත.
අනතුරින් පුද්ගලයින් 53 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරයි.
මියගිය පුද්ගලයින්ගෙන් බොහෝ දෙනෙකු උපාධි ප්රදානෝත්සවය සඳහා ගමන් කරමින් සිටි සිසුන් බවද වාර්තා වෙයි.
අනතුරට පෙර බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වී ඇති බවට එරට මාර්ග ආරක්ෂක පොලීසිය සැක පළ කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…