ශ්‍රී ලංකා

සා.පෙළ විද්‍යාව සහ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර ගැටලුව ගැන පාර්ලිමේන්තුවේ අවදානය – නිවැරැදි පිළිතුරු නොමැති ප්‍රශ්නත් පේපරයේ !

මේ දිනවල පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රයට ඉවත්කරපු විෂය කොටස්වලින් ප්‍රශ්න සකස් කර තිබු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න මහත්මිය පවසනවා.

අද (13) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරිය මේ බව අනාවරණ කළා.

ඒ මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ ඉවත්කළ විෂය කොටස්වලින් ප්‍රශ්න සකස් කර ප්‍රශ්න පත්‍රයට එකතු කිරීම හරහා දරුවන් මහත් අපහසුතාවට පත්ව ඇති බවයි

“සමහර ප්‍රශ්නවලට නිවැරැදි පිළිතුරක් නැහැ.. සමහර ප්‍රශ්න තියනවා උත්තර කිහිපයක් තියන ඒවා.. ඔය වගේ විශ්වාසනීයත්වයක් තියන්න බැරි ප්‍රශ්න පත්‍රයක් මේ සැරේ විද්‍යාව ප්‍රශ්න පත්‍රයට හැදිලා තියනවා.. මේක තුළින් ළමුන්ට ලකුණු 12ක් අහිමිවෙනවා.. මේ උගන්නපු නැති ප්‍රශ්න ඇතිකිරීම හරහා.. ඒක තුළ දරුවාගේ අනාගතයම වෙනත් මාර්ගයකට යන අවස්ථාවක් තියනවා.. ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේත් ව්‍යුහය වෙනස් වෙලා තියනවා..”

ඊට පිළිතුරු ලබාදෙමින් විෂයභාර අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අවධාරණය කළේ සාමාන්‍ය පෙළ විද්‍යා සහ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර ගැටළුව සම්බන්ධයෙන් අදාළ බලධාරීන් රැස්වී මේ වනවිට අවසාන තීන්දුවක් ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago