ශ්‍රී ලංකා

රජයෙන් දුන්න සහල් කෑ කුකුළන් මිය යයි – රසපරීක්ෂක වාර්තාවක් කැඳවලා !

රජය විසින් අඩු ආදායම්ලාභීන්ට ලබාදුන් සහල් ආහාරයට ගැනීමෙන් කුකුළන් 07 දෙනෙකු මියයෑමේ පුවතක් රිදීගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් රම්බඩගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය රසපරීක්ෂක වාර්තාවක් කැඳවා ඇති බව සඳහන්.

ඒ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුවයි.

පානගමුව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභියකු විසින් මෙම සහල් පසුගිය දිනක නිවසට රැගෙන ගොස් තිබුණා.

එම සහල්වලින් සුළු ප්‍රමාණයක් කුකුළන්ට ආහාරයට දමා ඇති බව සඳහන්.

ඉන් අනතුරුව කුකුළන් හත් දෙනෙකු සිහිසුන්ව සිට පසුව මියගිය බවයි නිවෙස්

හිමියා පැමිණිලි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත පැමිණිලි කර ඇත්තේ.

මෙම මරණයට හේතුවක් කුමක් දැයි සෞඛ්‍ය බලධාරින් සිදු කළ පරීක්ෂණවල දී අනාවරණ වී නැහැ.

ඒ අනුව ඔවුන් මේ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තාකර රසපරීක්ෂක වාර්තාවක් කැඳවීමට නියෝග ලබාගෙන ඇති බව වැඩිදුරටත් සඳහන්.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago