නක්ල්ස් රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී අනවසර කඳවුරු බැඳ රක්ෂිතය තුළ ගිනි මැල පත්තු කරමින් සාද පැවැත්වීම සම්බන්ධයෙන් කාන්තාවන් පස් දෙනෙකු ඇතුළු තරුණයින් 22 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හුන්නස්ගිරිය අඩවි වන කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව හුන්නස්ගිරිය අඩවි වන කාර්යාලය පවසයි.
සැකකරුවන් බණ්ඩාරවෙල, කොළඹ, බදුල්ල, මහනුවර ආදී විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අවුරුදු 20 ත් 30 ත් අතර වයස්වල පසුවන්නන් වේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර විශ්වවිද්‍යාල සිසුන්, ආරක්ෂක අංශවලට සම්බන්ධ යැයි කියන පුද්ගලයකු සහ පෞද්ගලික අංශයේ සේවකයන් ද වේ.
ජ්‍යෙෂ්ඨ වන නිලධාරියෙකුට අනුව, නිසි අවසරයකින් තොරව නකල්ස් රක්ෂිතය තුළ කඳවුරු බැඳ සාද පැවැත්වීම සඳහා මෙම කණ්ඩායම ෆේස්බුක් සහ වෙනත් සමාජ මාධ්‍ය වේදිකා හරහා සම්බන්ධ වී ඇත.
පිරිස සෙනසුරාදා රාත්‍රියේ රක්ෂිතයට ඇතුළු වී රක්ෂිත ප්‍රදේශය තුළ සාදයක් පවත්වා ඇති බව වන නිලධාරීන් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…