ශ්‍රී ලංකා

මුහුදු ජලයෙන් පහන් දැල්විය හැකි ලෝකයේ එකම කෝවිලේ මංගල්‍ය සමය ඇරඹෙයි (PHOTOS)

මුහුදු ජලයෙන් පහන් දල්වන ලෝකයේ එකම කෝවිල ලෙස හැදින්වෙන මුලතිව්, වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ වාර්ෂික පහන් දැල්වීමේ මංගල්ලය ඊයේ (14) දා ආරම්භ වුණා.

කෝවිලේ භාරකාර පූසාරීවරුන් ඉපැරණි සම්ප්‍රදායට ගරු කරමින් අලුයම මුහුදට ගොස් මුහුදු ජලය ලබා ගැනීමට එදා සිටම භාවිත කරන ස්ථානයෙන් මුහුදු ජලය ලබා ගෙන ඒවා හේවිසි, හොරණෑ සහිත පෙරහැරකින් කෝවිල කරා රැගෙන එනු ලබනවා.

අනතුරුව, එම මුහුදු ජලය කෝවිලේ තබා ඇති විශේෂ මංජුසාවක දමා පහන් දැල්වීම පිණිස බැතිමතුන් අතර බෙදා දෙනු ලබනවා.

පොල්තෙල් වෙනුවට පුරා මාසයක කාලයක් වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ සියලු දෙනාම පහන් දල්වනු ලබන්නේ මුහුදු ජලය උපයෝගී කරගෙනයි.

වට්ටාපලෙයි මුහුදේ එම ස්ථානයේ ඇති ජලයේ යම් රසායන ද්‍රව්‍යයක් අඩංගු නිසා ඒවා ගිනි ඇවිලෙන ස්වභාවයකින් යුතු බව විද්‍යාත්මකව සනාථ වී ඇති අතර, හින්දු ජනතාව දෙවියන්ගේ හාස්කමක් මත මුහුදු ජලයෙන් පහන් දැල්විය හැකි බවට විශ්වාස කරනු ලබනවා.

Team CNF

View Comments

  • වියදමක් නැතිව පහන් පත්තු කරන්න ලැබීම ජනතාව ලැබූ එක්තරා හාස්කමක් ❤️👍👌

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago