ඉතා දීර්ඝ කාලයක් සිංගප්පුරුව පාලනය කළ අග්‍රාමාත්‍ය “Lee Hsien Loong” සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඒ සමගම එරට දේශපාලනයේ එක් පරිච්ඡේදයක් නිමාවට පත්වන බව දේශපාලන විචාරකයෝ පවසති.
වසර විස්සක් සිංගප්පුරුව පාලනය කිරීමෙන් අනතුරුව ලී සිය බලතල අද රාත්‍රියේ එරට නියෝජ්‍ය අගමැති සහ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලෝරන්ස් වොන්ග් ට භාරදීමට නියමිතය.
සිංගප්පුරුව නිදහස් දේශයක් බවට පත්වූයේ 1965 දීය. එතැන් සිට මේ දක්වා වූ වසර 59ට එරට පාලනය කර ඇත්තේ අගමැතිවරු තිදෙනෙක් පමණි.
ඔවුන් තිදෙනාම මහජන ක්‍රියාකාරී පක්ෂ සාමාජිකයින් ය.
එරට පළමු අගමැති වූයේ ලී ක්වාන් යූ ය. ඔහු වර්තමාන අගමැතිවරයාගේ පියා වන අතර සිංගප්පුරුව වසර 25 පාලනය කළ ඔහු සැලකෙන්නේ නූතන සිංගප්පුරුවේ නිර්මාතෘවරයා ලෙසට ය.
දේශපාලන විචාරකයින් පවසන්නේ මෙම බල හුවමාරුවත් සමගම එරට දේශපාලන නායකත්වය “ලී පවුලේ” සෙවනැල්ලෙන් මිදීමක් ලෙස දැක්විය හැකි බවයි.
එහෙත් වර්තමාන අගමැතිවරයා එරට කැබිනට් මණ්ඩලයේ ඡ්‍යේෂ්ඨ අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කිරීමට නියමිතය.
අග්‍රාමාත්‍යවරයා ලෙස සිය අවසන් මාධ්‍ය හමුවට සති අන්තයේ මුහුණදුන් ලී, තමාට දුන් සහාය සම්බන්ධයෙන් සිංගප්පුරු වැසියන්ට සිය ප්‍රණාමය පුද කළේය.
“මම අන් සියලුදෙනාට වඩා වේගයෙන් දුවන්න උත්සාහ කළේ නෑ. මම උත්සාහ කළේ සියලුදෙනාම මමත් එක්ක දුවන තත්ත්වයට ගෙන ඒමට…මම හිතන්නේ අපි ටිකක් සාර්ථක වුණා…”
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…