යාපනය කරවෙඩ්ඩි සිත්ති විනාගර් කෝවිලේ පූජකවරයකු කරවෙඩ්ඩි සංස්කෘතික නිලධාරීවරයාගේ නිල මුද්‍රාවට සමාන මුද්‍රාවක් ව්‍යාජ ලෙස සකසා
කෝවිලේ ගිණුමෙන් රුපියල් ලක්ෂ 27ක මුදලක් වරින්වර වංචා කොට ඇති බවට මල්ලාකම් පොලීසියට ඊයේ (15) පැමිණිලි කර තිබෙනවා.
මෙම කෝවිල සතු මුදල් දායක සභාවේ අනුමැතිය මත නෙල්ලිඅඩි නගරයේ බැංකු ශාඛාවක තැන්පත් කොට ඇති අතර මුදල් ආපසු ගැනීමේදී කරවෙඩ්ඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරීවරයාගේ නිල මුද්‍රාව සහිත අත්සන අනිවාර්යෙන්ම තිබිය යුතු බවටද යෝජනාවක් දායක සභාව විසින් සම්මත කරගෙන තිබුණා.
දායක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේද එම පූජකවරයාමයි.
දායක සභාවේ ලේකම්ගේ හා භාණ්ඩාගාරිකගේ අත්සන් හොරට ගසා සංස්කෘතික නිලධාරීවරයාගේ රබර් මුද්‍රාවක් ව්‍යාජ ලෙස සකසා එම නිලධාරියාගේද අත්සන හොරට ගසා මෙම මුදල් පූජකවරයා ලබා ගෙන ඇති බවට සැක කෙරෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.
දායක සභාවේ නිලධාරීන්ට ඇති වූ සැකයක් මත ගිණුම පරීක්ෂා කිරීමේදී ගිණුමෙන් රුපියල් ලක්ෂ 27 ක මුදලක් අඩු වී ඇති බව දැනගෙන තිබෙනවා.
මල්ලාකම් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…