ශ්‍රී ලංකා

යුද්ධ හමුදාවෙන් හරි අඩකට වඩා අඩුකිරීමට ජනපති සහ ආරක්ෂක මණ්ඩලයේ සූදානමක් !

දැනට රටේ සිටින දෙලක්ෂ අට දහසක් වූ හමුදාවේන් අඩකට වඩා අඩු කර වර්ෂ 2030 වන විට යුද්ධ හමුදාව ලක්ෂයක පමණ සංඛ්‍යාවකට ගෙනඒමට අපේක්ෂා කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.
රජයේ ආරක්ෂක සමාලෝචනය සඳහා පත්කළ විද්වත් මණ්ඩලයක නිර්දේශ මත ජනාධිපතිවරයා සහ ආරක්ෂක මණ්ඩලය විසින් මෙම තීන්දුව ගෙන ඇති බව රාජ්‍ය ඇමතිවරයා පැහැදිලි කරයි.

කෙසේ වෙතත් පවතින භූ දේශපාලනික තත්ත්ව යටතේ නාවික හමුදාව සහ ගුවන් හමුදාව තවදුරටත් ශක්තිමත් කිරීමේ තීන්දුවක රජය සිටින බව ද අමාත්‍යවරයා කියයි.

රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මේ සම්බන්ධව කරන පැහැදිලි කිරීම මෙසේය.

“යුද කාලෙන් පස්සේ වර්තමාන සහ අනාගත තර්ජන සැලකිල්ලට ගෙන විශ්ලේෂණයක් කරලා අපේ රටට ගැළපෙන ආකාරයේ හමුදාව සකස් කරගැනීම තමයි ජනාධිපතිවරයාගෙත් රජයේත් ආරක්ෂක මණ්ඩලයේත් බලාපොරොත්තුව. ඒ අනුව ආරක්ෂක සමාලෝචනය 2030 කියන වැඩසටහන යටතේ වෙනම විද්වත් මණ්ඩලයක් පත්කරලා තියෙනවා. “

ඒ අනුව අපි සංඛ්‍යාත්මක වශයෙන් හමුදාව 208,000ක කාඩර් එකක් ඉන්නවා. ඒක ලක්ෂයක් දක්වා ගේන්න තමා අපේ බලාපොරොත්තුව.

අපි කිසිම කෙනෙකුව ඉවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. සංඛ්‍යාත්මකව අපි හදලා තියෙනවා ස්වභාවිකව හමුදාවේ අඩුවීම ගණනය කරලා 2030 වන විට ලක්ෂයක ප්‍රමාණයක යුද හමුදාව තබා ගැනීම තමා අපිට දැනට තියෙන බලාපොරොත්තුව.

“ඒ වගේම නාවික හා ගුවන් හමුදාව ශක්තිමත් කරන්න ඕනේ. භූගෝලීය වශයෙන් අපි ඉන්නේ ඉතාම සංකීර්ණ වැදගත් තැනක. ඒ නිසා නාවික හමුදාව ශක්තිමත් කිරීමත් අපි වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරනවා.”

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago