ශ්‍රී ලංකා

කුසල් මෙන්ඩිස්ගේ වීසා ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ප්‍රකාශයක් !

අමෙරිකාවට යෑම සඳහා ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස් ඉදිරිපත් කළ වීසා අයදුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා අද (17) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වීය.

ඔහු එහිදී පැවසුවේ කුසල් ගේ වීසා අයදුම්පත ප්‍රතික්ෂේප කර නොමැති බවයි.

කුසල් ඒ සම්බන්ධයෙන් අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් සමග කටයුතු කරන බවද ඈෂ්ලි ද සිල්වා පැවසීය.

“එයාගේ තව ඩොකියුමන්ට්ස් වගයක් ඉල්ලලා තියෙනවා. ඒ ඩොකියුමන්ට්ස් දුන්නට පස්සේ ඉදිරි දින එක/දෙක තුළ ඔහුට වීසා ලැබෙයි..”

එබැවින් මෙන්ඩිස් ට පුහුණු තරගවලට සහභාගීවීමට අවස්ථාව ලැබෙතැයි තමා විශ්වාසකරන බව ඔහු පැවසීය.

20යි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය ජූනි 02 වනදා දකුණු අප්‍රිකාව සමග නිව් යෝර්ක් හීදී පැවැත්වෙයි.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago