වැලිවේරිය නගරයේදී රතුපස්වල ප්‍රදේශයේ ජනතාව පැවැත්වූ විරෝධතාවක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් සිව් දෙනා නිදොස්කොට නිදහස් කිරීමට ගම්පහ මහාධිකරණය අද (මැයි 17) නියෝග කර තිබේ.
හිටපු හමුදා මේජර්වරයෙකු ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු එලෙස නිදොස්කොට නිදහස් කර ඇත.
2013 වසරේ අගෝස්තු 1 වන දින ගම්පහ වැලිවේරියේ රතුපස්වල කේන්ද්‍ර කරගෙන පෞද්ගලික ව්‍යාපාර සමූහයකට අයත් කම්හලකින් පිටවන අපද්‍රව්‍ය මගින් පානීය ජලය විෂ වී ඇති බව පවසමින් එයට එරෙහිව පිරිසිදු ජලය ඉල්ලා පැවති විරෝධතාවක් අතරතුර මෙම හමුදා වෙඩි තැබීම සිදුව තිබිණි.
මෙම වෙඩි තැබීම සිදුවී මේ වන විට වසර 11ක් ගත වී ඇත.
එවකට මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය හෙබවූ අතර ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ධූරය දැරීය.
එම ප්‍රහාරයෙන් පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනකු මිය ගිය අතර තවත් පාසල් සිසුන් 10කට ආසන්න ගණනක් ඇතුළුව 50ක පමණ පිරිසක් තුවාල ලැබූහ.
සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු සිව් දෙනාට එරෙහිව නගා ඇති චෝදනා නීතිපතිවරයා විසින් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට අපහොසත් වී ඇතැයි තීන්දු කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එම චූදිතයන් පිරිස නිදොස්කොට නිදහස් කරන ලෙස නියෝග කරනු ලැබ ඇත.
ගම්පහ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර, නිශාන්ත හපුආරච්චි සහ සහන් මාපා බණ්ඩාර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද උදෑසන 9.30ට මෙම නියෝගය ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…