අද (22) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
එමෙන්ම නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇති.
දිවයිනේ සෙසු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ දකුණු පළාතේ විටින් විට හමන පැ.කි.මී. (40-50) දක්වා තද සුළං ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවන බව සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කළේ
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර ඇති බව වාර්තා වේ. මීට සුළු…
2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන…
ඉන්දියාවේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම The Resistance Front සංවිධානය (TRF) විසින් භාරගත් බව අමෙරිකානු රාජ්‍ය…
කොළඹ සිට මඩකලපුව බලා අද (18) අලුයම ධාවනය වුණු දුම්රියේ වන අලියෙකු ගැටී ඇති බව…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
කහතුඩුව ප්‍රදේශයේ සිට සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගිය බව කියන 15 හැවිරිදි පාසල් සිසුවෙකු,…