පසුගියදා වඩාත් කතාබහට ලක්වුණ කටුනායක ගුවන්තොටුපොලේ වීසා නිකුත් කිරීම විදෙස් ආයතනයකට පැවරීම සම්බන්ධයෙන් අද (22) මැති සබයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා අවධානයට ලක්කළා.
එම සේවාව ශ්‍රී ලාංකේය සමාගමක් හරහා ඩොලර් එකක මුදලකට ලබාගැනීමට හැකියාව තිබියදී ඩොලර් 18 ඉක්ම වූ මුදලක් ලබා දී විදේශීය සමාගමක් හරහා සිදුකරන්නේ ඇයිදැයි ඔහු එහිදී ප්‍රශ්න කළා.
එම මුදල් කොල්ලය ශ්‍රී ලංකාවේ සිදුවු මහ බැංකු හොරකමට වඩා විශාල බවයි රවුෆ් හකීම් මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කර සිටියේ.
විදේශීය ආයතනය සමග අවබෝධතා ගිවිසුම අත්සන් කළ මෙරට නිළධාරීයාට මූල්‍ය චෝදනා ඇති අයෙක් බවද ඔහු එහිදී අනාවරණ කළා.
කෙසේ වෙතත් මෙම වීසා කොල්ලය පිළිබඳව දේශපාලන නායකයින් සහ දිනපතා නිකුත් වන පුවත්හරහා කතාබහට ලක්කර ඇති පසුබිමකත් තවදුරටත් එම ක්‍රියාවලිය සිදුවීම ගැටළු සහගත බවයි පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් රවුෆ් හකීම් මන්ත්‍රීවරයා අවධාරණය කළේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…