මන්නාරම නානාට්ටන් ප්‍රදේශයේ මුහුදු ජලය ගොඩට ඒම නිසා නිවාස 23 ක් තුළට මුහුදු ජලය ගලා ඒමෙන් එම නිවාසවල ජීවත් වූ පුද්ගලයින් 126ක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කොට තිබෙනවා.
ධීවරයින් මුහුදු ජලය ගොඩට ඒමත් සමඟම ඔවුන්ට අයත් වෙරලේ නවතා තිබූ බෝට්ටු 150ක් පමණ මුහුදු වෙරලෙන් ඉවත් කොට නානාට්ටන් ප්‍රදේශයේ පිට්ටනියක් වෙත රැගෙන ගොස් ඇති බවයි හිරු වාර්තාකරු සඳහන්කර සිටියේ.
නානාට්ටන් ප්‍රදේශයේ ධීවරයින් විසින් කකුලුවන් හා ඉස්සන් ඇල්ලීමට මුහුදේ දමා තිබූ දැල් විශාල ප්‍රමාණයක් මුහුදට ගසා ගෙන ගොස් ඇති බවද සඳහන්.
සිද්ධිය සැලවූ වහාම දෙමළ ජාතික සන්ධානයේ මන්නාරම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන්
එම ස්ථානයට ගොස් ධීවරයින් හා නිලධාරීන් හමු වී විපතට පත් ජනතාවට අවශ්‍ය සහන සලසා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කොට තිබෙනවා.
මේ අතර නාන්නාට්ටන් ප්‍රදේශයේ මුහුද ආසන්නයේ ජීවත් වන සෙසු පවුල් වලටද ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස උපදෙස් දී ඇති අතර ධීවරයින්ට මුහුදු යාමෙන් වැළකී සිටින ලෙසටද උපදෙස් දී ඇති බවයි වාර්තා වෙන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…