මැතිවරණ වේදිකාවක් කඩා වැටීමෙන් 9කට දිවි අහිමි වෙයි !

මෙක්සිකෝවේ Nuevo Leon ප්‍රාන්තයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටීමෙන් 9 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 50 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරනවා.

San Pedro Garza Garcia නගරයේදී මෙම ප්‍රචාරක රැළිය පවත්වා ඇති අතර, වේදිකාව කඩා වැටෙන අවස්ථාවේදී ජනාධිපති අපේක්ෂක ජෝර්ජ් අල්වාරෙස් මේනෙස් ජනතාව අමතමින් සිට තිබෙනවා.

එක්ස් සටහනක් තබමින් ජනාධිපති අපේක්ෂක මේනෙස් ප්‍රකාශ කළේ, නගරයට බලපෑ දැඩි සුළං තත්වය හේතුවෙන් වේදිකාව කඩා වැටෙන්නට ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

මිනිසුන් වේදිකාව මත සිටියදී කොටසක් කඩා වැටෙන අයුරු දිස්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයන්හි සංසරණය වන බවත්, ජනාධිපති මේනෙස් පැමිණ සිටි ජනතාවට අත වනමින් ආරක්‍ෂිත ස්ථානයක් කරා දිව යන අයුරු එහි දිස්වෙන බවත්, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

22 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago