ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ඇතුළු පිරිසගේ මරණයට හේතු වූ හෙලිකොප්ටර් අනතුර පිලිබඳ පළමු වාර්තාව ඉරාන සන්නද්ධ හමුදාවේ සාමාන්‍ය කාර්ය මණ්ඩලය විසින් නිකුත් කර තිබේ.
එම වාර්තාවට අනුව, හෙලිකොප්ටරය එහි කලින් තීරණය කළ මාර්ගයේ ගමන් කර ඇති අතර ගුවන් ගමන් මාර්ගයෙන් බැහැර නොවී ඇති බවයි, අනාවරණය වී ඇත්තේ.
එමෙන්ම, අනතුරට මිනිත්තු එකහමාරකට පමණ පෙර අනතුරට පත් හෙලිකොප්ටරයේ නියමුවා ජනාධිපතිවරයාගේ රථ පෙළේ අනෙක් හෙලිකොප්ටර් දෙක අමතා ඇති බවද අනාවරණය වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, අනතුරට පත් හෙලිකොප්ටරයේ සුන්බුන් මත වෙඩි උණ්ඩ හෝ ඒ හා සමාන භාණ්ඩ පිළිබඳ කිසිදු හෝඩුවාවක් අනාවරණය වී නොමැති බවයි.
ඒ අනුව, කන්දට කඩා වැටීමෙන් පසු හෙලිකොප්ටරය ගිනිගෙන ඇති බව එම වාර්තාවල සඳහන් කර ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
එමෙන්ම, ගුවන් පාලක මැදිරිය සහ ගුවන් යානයේ කාර්ය මණ්ඩලය අතර ඇති වූ සංවාදවල කිසිදු සැකකටයුතු කරුණක් අනාවරණය වී නොමැති බව ද එහි වැඩිදුරටත් සඳහන් කර ඇතැයි වාර්තා වේ.
යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි විසින් එරට අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය…
හඳුනානොගත් නීතිවිරෝධී පිරමීඩ යෝජනා ක්‍රම 50කට අධික සංඛ්‍යාවක් මෙරට තුළ ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා…
ඇමෙරිකාව විසින් යෝජනා කරනු ලැබූ තීරු බදු අඩුකර ගැනීම සඳහා අඛණ්ඩ සාකච්ඡා පැවැත්වීමට තීරණය කර…
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර ඇති බව වාර්තා වේ. මීට සුළු…
2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන…