ශ්‍රී ලංකා

කොල්ල කා විදේශවල සැඟවූ වත්කම් රටට ගෙන එන නීති සම්පාදනය කඩිනම් වෙයි !

මෙරට හෝ විදේශ රටවල තැන්පත් කර ඇති බව කියන සොරකම් සහ වංචාවලින් උපයා ගත් දේපළ ආපසු රජයට අත්පත් කර ගැනීමේ නීති රීති කඩිනමින් බලාත්මක කිරීමට රජයට සිදුව ඇති බව අනාවරණය වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන එකඟතාවන්ට අනුව මේ වනවිටත් එම නීති සැකසුම ප්‍රමාද වී ඇති අතර එම කටයුතු කඩිනම් කරන ලෙස අධිකරණ අමාත්‍යංශයට දැනුම් දී තිබේ.

මෙම පනත පසුගිය අප්‍රේල් මාසය වනවිට බලාත්මක කිරීමට රජය පොරොන්දු වී තිබුණ ද මෙතෙක් එම කටයුතු සිදුව නැති අතර ඒ අනුව කටයුතු කඩිනම් කරන ලෙස දැනුම් දී ඇති බව සඳහන් වේ.

මේ පිළිබඳව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සඳහන් කළේ, අධිකරණය ඉදිරියේ සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කිරීමකින් තොරව වුව ද එම දේපළ රාජසන්තක කිරීමට මෙම නව නීතිවලින් බලය ලැබෙන බව ය.

මේ වනවිට පිටු 182කින් සමන්විත ඊට අදාළ නීති කෙටුම්පත මේ සම්බන්ධයෙන් පත් කරන ලද කමිටුවක් විසින් සකසා ඇති අතර විදේශගතව පවතින මෙරටින් කොල්ලකන ලද වස්තුව සහ ධනය ආපසු ලබාගැනීමට අදාළව එක් එක් රටවල් සමග ක්‍රියා කිරීම පහසු කරවීමට අදාළව එක්සත් ජාතීන්ගේ අපරාධ සහ මත්ද්‍රව්‍ය පිළිබඳව කාර්යාලය සමග ඉදිරියේදී ගිවිසුමකට එළැඹෙන බව ද ඔහු සඳහන් කළේ ය.

එහිදී ඔහු මෙසේ ද කීය.

“අයුතු ලෙස උපයාගත් දේපළ ගණන් බැලීමේ ක්‍රමවේදයක් දැනට නෑ. ඊට යෝග්‍ය නීතියක් දැනට නැති නිසා කවුරුවත් ඒ ගැන පැමිණිලි කරන්නෙත් නෑ. පරීක්ෂණ කරන්නත් බලයක් නෑ. අලුත් නීතියෙන් මේ ගැන තොරතුරු දැනගැනීමට හා ක්‍රියා කිරීමට රාජ්‍ය ආයතනවලට හා ජනතාවට බලය ලැබෙනවා. දැනට ඊට කැබිනට් අනුමැතිය ලබාගෙන තිබෙනවා. නීති කෙටුම්පත් සම්පාදකට යවලා තිබෙනවා. නීතිපතිගේ අනුමැතිය මත ලබන මාසේ එය ඉදිරිපත් කරනවා. ඉන්පසු දේශීය පරීක්ෂණ කතාවක් ඕනෑ නෑ. තොරතුරක් ලැබුණොත් අධිකරණයෙන් නඩු විභාගයක් කළ හැකියි.”

ඉරිදා මව්බිම
Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

24 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago