ළදරු රෝහලක ගින්නක් – බිළිඳුන් 6ක් මිය යයි (VIDEO)

ඉන්දියාවේ දිල්ලි විවේක් විහාර් හි නව ජන්ම ළදරු සත්කාර රෝහලක ඊයේ රාත්‍රියේ ඇති වූ දැවැන්ත ගින්නකින් අලුත උපන් බිළිඳුන් හය දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇත.

දිල්ලි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවට අනුව, ළමුන් 12 දෙනෙකු බේරාගෙන ඇති අතර, ඉන් හය දෙනෙකු මියගොස් තිබේ.

එක් අයකු ශ්වසන ආධාරක මත සිටින අතර පස් දෙනෙකු රෝහල්ගත කර ඇත.

බේරාගත් අලුත උපන් බිළිඳුන් නැගෙනහිර දිල්ලි හි වැඩි පහසුකම් සහිත රෝහලක් වෙත මාරු කර ඇත.

ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් සහ ගිනි නිවන භටයන් එම ස්ථානයට පැමිණ ගින්න මැඩපවත්වා ඇත.

ගිනි නිවන නිලධාරි රාජේෂ් පැවසුවේ,

“රාත්‍රී 11:32ට ගිනි නිවන සේවා පාලක මැදිරියට රෝහලක ගින්නක් හටගත් බවට තොරතුරක් ලැබුණා… ගිනි නිවන රථ 16ක් එම ස්ථානයට පැමිණ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමුවා. ගින්නෙන් ගොඩනැගිලි 2ක් හානියට පත්වී ඇති අතර එකක් රෝහල් ගොඩනැගිල්ල වන අතර දකුණු පසින් පිහිටි නේවාසික ගොඩනැගිල්ලක තට්ටු 2ක් ද ගිනිගෙන තිබෙනවා…11-12 දෙනෙකු බේරාගෙන ඔවුන් රෝහල් ගතකර තිබෙනවා. වැඩි විස්තර පසුව බෙදාගනු ඇත.”

යනුවෙනි.

මෙම සිදුවීම සිදුවන්නේ ගුජරාට් ප්‍රාන්තයේ රාජ්කොට් නගරයේ ක්‍රීඩා කලාපයක් හරහා ඇති වූ දැවැන්ත ගින්නකින් පුද්ගලයන් 27 දෙනෙකු මිය ගිය දිනයකදී වීම කැපී පෙනේ.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago