අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මෙම සති අන්තයේ නිකුත් කිරීමට හැකියාව ලැබෙනු ඇති බව විභාග දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඉකුත් ජනවාරි මාසයේ පැවති උසස් පෙළ විභාගය, ගුරුවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම කල්ගිය හෙයින් ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වූ බවයි විභාග දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසන්නේ.
ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින අතර මේ සති අන්තයේ බොහෝ දුරට ප්‍රතිඵල නිකුත් කිරීමට හැකි වනු ඇති බවයි වාර්තා වෙන්නේ.
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයට මෙවර පාසල් අයැදුම්කරුවන් 281445 සහ පෞද්ගලික අයදුම්කරුවන් 65531 ගණනක් පෙනී සිටියා.
ඒ අනුව සමස්ත සිසුන් 346976 දෙනෙක් උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටිනු ලැබුවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…