ශ්‍රී ලංකා

හඳපාන්විල විල්ලුව ඕඩේ ඇලේ ගිලී මිය ගිය වන අලි 07ක ගේ සිරුරු හමුවෙයි – පස් දෙනෙක් අලි පැටවු !

පොළොන්නරුව ජාතික වනෝද්‍යානයේ හඳපාන්විල විල්ලුවේ ඕඩේ ඇල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක, මීට දින කිහිපයකට ඉහත දී මිය ගිය වන අලින්ගේ සිරුරු හතක් අද දින ( 26 ) සොයා ගත් බව වනජීවී නිලධාරින් සහ පරිසරවේදීහු සඳහන් කරති.
මියගිය මෙම වන අලින්ගෙන් අවුරුදු 8, 9,10 යන වයසේ අලි පැටවුන් පස් දෙනෙකු සහ අවුරුදු 30,35 පමණ වයසේ පසුවන වන දෙදෙනකුගේ සිරුරු වන බව පරීක්ෂණ සිදු කරන වනජීවී නිලධාරීන් සඳහන් කරයි.

හඳපාන්විල විල්ලුවේ ඕඩේ ඇල ප්‍රදේශයේ කිලෝ මීටර් ගණනාවක් දිගට ජපන් ජබර ඇතුළු විවිධ ශාක පැළෑටි පිරී පවතින බවත්, එම ඕඩේ ඇලේ ස්ථාන කිහිපයකින්, එම අලින්ගේ සිරුරු හමු වි තිබෙන බවත්, අලි හත් දෙනාගේ සිරුරු නරක් වී ඇති බවත්, පරීක්ෂණ සිදු කරන වනජීවි නිලධාරීහු සඳහන් කලහ.

පසුගිය දින කිහිපය පුරා ප්‍රදේශයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හඳපාන්විල විල්ලුව පිරී, ඕඩේ ඇළ හරහා මහවැලි ගඟට ජලය ගලා ගොස් ඇති අතර, ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සැරිසරන වන අලි රංචුවක් ඕඩේ ඇළ හරහා මාරුවීමට යෑමේදී ජලයේ සැඩපහරට ගසාගෙන ගොස් ජපන් ජබර සහ පාසි තුළ එම අලි පැටවුන් සහ වන අලින් සිර වි මිය යන්නට ඇති බවට සැක කරන බව වනජීවී නිලධාරිහු පවසති,

ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානය සුරකීමේ සභාපති ටීී. තීපන් සඳහන් ඕඩේ ඇළට කුඹුක් ගස් කඩා වැටී, ජපන් ජ බර සහ විවිධ පාසී වර්ග සිරවී තිබෙන බවත් එහි ගැඹුර නොදැන වන අලි රංචුව ඕඩේ ඇළ හරහා ගමන් කිරීමට, යාමේදී ජලයේ ගිලීමෙන් අනතුරට මුහුණ පා මියයන්නට ඇති බවට සැක කරන බවත් කියයි.

අප මේ පිළිබඳව වන ජීවි දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එල්.පී. එදිරිසිංහගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි පැවසුවේ මියගිය වන අලින්ගේ සිරුරු හතක් හමුවී ඇති බවත්, ඒ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඉතා කඩිනමින් සිදු කිරීමට අදාළ පශුවෛද්‍යවරුන් දැනුවත් කර තිබෙන බවත්ය.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

21 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

24 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago