ශ්‍රී ලංකා

පාස්කු ඉරුදින එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ කාන්තාවක් මිය යයි – වසර 5ක් ප්‍රතිකාර අරන්

2019 වසරේ පාස්කු ඉරු දින එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා වසර 5කට අධික කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

මෙසේ මිය ගොස් ඇත්තේ කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් තුවාල ලැබූ තිළිණා හර්ෂනී නමැති කාන්තාවක් වන අතර පාස්කු ප්‍රහාරයෙන් ඇයගේ සුසුම්නාවට බරපතළ හානි සිදුව තිබුණි.

කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ මෙම මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් ඇයගේ පුතු වන දුලෝද් ඇන්තනීද මිය ගොස් ඇත.

පාස්කු ඉරු දින ප්‍රහාර මාලාවේදී වැඩිම ජීවිත හානියක් සිදු වූයේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුරට එල්ල වූ ප්‍රහාරයෙනි.

කෙසේ නමුත් 2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා ස්ථාන 8කට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 273 දෙනෙකු මිය ගොස් ඇති අතර පුද්ගලයින් 500කට අධික ප්‍රමාණයක් ඉන් තුවාල ලැබීය.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago