ශ්‍රී ලංකා

ආපන ශාලාවකින් මිලදීගත් බත් පාර්සලයේ හැකරැල්ලෙක් !

යාපනයේ තිරුණවේලී ප්‍රදේශයේ ආපන ශාලාවකින් මිලට ගත් බත් පාර්සලයක හැකරැල්ලෙකු සිටීමේ සිද්ධියක් මත වෙළදසැල් අයිතිකරුට රුපියල් 45000ක දඩයක් නියම කළ යාපනය අතිරේක මහේස්ත්‍රාත්වරයා නඩුව අවසන් වන තුරු ආපන ශාලාවට මුද්‍රා තබන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නියෝග කර තිබෙනවා.

බත් පාර්සලය මිලට ගත් පුද්ගලයා එය නිවසට රැගෙන ගොස් ආහාරයට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී බත් පාර්සලය තුළ සිටි හැකරැල්ලා දැක ඇති බවයි සඳහන් වන්නේ.

පසුව ඔහු මේ පිළිබදව තිරුණවේලී ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පැමිණිලි කිරීමෙන් පසුව ඔහු නිලධාරීන් පිරිසක් සමග පැමිණ සිදු කළ පරීක්ෂණවලින් පසුව ආපන ශාලාවේ අපිරිසිදුභාවයට වෙනම නඩුවක් ගොනු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ නඩු දෙකම සැලකිල්ලට ගත් අතිරේක මහේස්ත්‍රාත්වරයා හැකරැල්ලකු සිටීමේ සිද්ධියට පමණක් රුපියල් 45000ක දඩයක් නියම කොට තිබෙනවා.

දඩයක් නියම කළ සිද්ධිය සම්බන්ධයෙන්ද නඩු විභාගයක් පැවැත්වෙන බව ප්‍රකාශ කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා ජූනි මස 10 වෙනිදා ආපන ශාලා හිමිකරුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි නියෝග කර ඇත්තේ.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago