ග්‍රාමීය තරුණ ප්‍රජාව ඉලක්කරගත් තරුණ දේශපාලන පක්ෂයක් වන ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොන්ග්‍රසයේ (YDC) පළමු ආසන බලමණ්ඩලය පිහිටුවීම එහි නායක කේ. අර්ජුන මහතාගේ ප්‍රධානත්වයෙන් තලවකැලේ නගරයේ පැවැත්විණි.
ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොන්ග්‍රසයේ තලවකැලේ ආසන බලමණ්ඩලයේ සාමාජිකයන් දෙදහසකට අධික පිරිසක් සහභාගී වූ අතර එම පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කිරීමේ අරමුණින් ආසන සංවිධායකයන් තෝරා ගැනීමට ඔවුන්ගේ ප්‍රතිත්ති මූලික කොටගෙන මැතිවරණයක් හරහා සිදු විය.
එහිදී ඡන්ද 1,348ක් ලබා ගනිමින් ලදුර්ෂන් වෙල්ලසාමි මහතා ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොන්ග්‍රසයේ තලවකැලේ ආසන සංවිධායක ධූරයට පත් විය.
ඉදිරි මාස තුන තුල මැතිවරණ ක්‍රමය හරහා ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොන්ග්‍රසයේ ආසන බලමණ්ඩල 100ක් පිහිටුවිමට බලාපොරොත්තු වන බවත් තලවකැලේ ආසනය අසීලාචාර දේශපාලනයේ ගොදුරක් බවට පත් වීමට ඉඩ නොතබන බවටත් ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොංග්‍රසයේ පක්ෂ නායක කේ. අර්ජුන මහතා බල මණ්ඩලය අමතමින් ප්‍රකාශ කළේය.
එසේම දේශපාලකයන් විසින් රටේ කළ විනාශය නැවත නොවන්නට, තරුණ පරපුරට ඉඩ නොතබන බවත් ඒ මහතා එහිදී ප්‍රතිඥා දුන්නේය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…