ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ලබන මස 12 වන දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කර තිබෙනවා.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ගොනු කර තිබූ මෙම පැමිණිල්ල අද (29) කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන ඉදිරියේ යළි කැඳවනු ලැබුවා.
එහිදී අදාළ වාරණ නියෝගය ලබන 12 වනදා දක්වා දීර්ඝ කිරීමටයි විනිසුරුවරයා නියෝග කළේ.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය පැමිණිල්ලෙන් කියා සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව යටතේ හිටපු ජනාධිපති මෛත්‍රී පාල සිරිසේනට පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට කිසිදු නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවයි.
ඒ අනුව සිරිසෙන අදාළ තනතුරේ කටයුතු කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…