ශ්‍රී ලංකා

විශ්වවිද්‍යාල අනධ්‍යයනසේවක වර්ජනය ගැන තීරණයක් !

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් ආරම්භ වැඩවර්ජනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක සංගමය පවසයි.

එහි සම සභාපති, ධම්මික එස්. ප්‍රියන්ත මහතා සඳහන් කළේ කමිටු පත්කිරීමෙන් පමණක් මෙම ගැටලුවට විසඳුම් සෙවිය නොහැකි බවය.

අපි බලාපොරොත්තු වුණා වැඩවර්ජනයේ යෙදෙන පාර්ශවය විදියට වසර ගණනාවක් පුරා විශ්වවිද්‍යාල පද්ධතියේ ඇදෙන ගැටලුව සඳහා විසඳුම් ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලය වෙත යොමුකරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ දෙකට යහපත් ප්‍රතිචාරයක් ලැබෙයි කියලා. මේ සම්බන්ධයෙන් නිල පිළිතුරක් අපට තවමත් ලැබිලා නෑ. අපිට ආරංචි විදියට මේ සඳහා තවත් කමිටුවක් පත්කරපු බවක් තමා දැනගන්න ලැබෙන්නේ. එම නිසා අපි ඉතා ඕනෑකමින් රජයට කියන්න ඕනේ, විශ්වවිද්‍යාල සේවකයින් මේ අරගලයට අවතීර්ණ වෙලා දින 27 තිස්සේ වැඩවර්ජනයක් කළේ තවත් කමිටුවක් පත්කරගන්න නෙමෙයි. මේ කමිටු වාර්තා තුළින් මේ ඉල්ලීම් සාධාරණයි කියලා පිළිගෙන තියෙනවා. තවත් කමිටුවක් පත්කිරීම කාලය කා දැමීමක්. රජය පාර්ශවයෙන් තවමත් අපිට පිළිතුරක් ලැබිලා ඒ නිසා වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට වෘත්තීය සමිති නායකයින් ඒකමතික තීරණයකට එළැඹිලා තියෙනවා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago