මුලතිව් මුල්ලියාවලෙයි ප්‍රදේශයේ දාහතර හැවිරිදි පාසල් දැරියක් ගැබිණියක් බවට පත් කළ මුලතිව් නගරයේ ව්‍යාපාරිකයෙකු මුල්ලියාවලෙයි පොලීසිය විසින් ඊයේ ( 29 ) අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම පාසල් දැරිය පාසල අවසන් වීමෙන් පසුව බස් රථය පැමිණෙන තුරු ගිමන් හැර ඇත්තේ මෙම ව්‍යාපාරිකයාගේ වෙළද සැලකය.
කාලයකට පසුව වෙළද සැල් හිමියා දැරියව රවටා ගෙන ඇය සමග ලිංගිකව හැසිරී ඇති අතර එහි ප්‍රතිපලයක් වශයෙන් පාසල් දැරිය ගැබ් ගෙන ඇත.
දැරිය හදිසියේම රෝග ලක්ෂණ කීපයක් පෙන්නුම් කිරීම නිසා ඇගේ මව ඇයව මුලතිව් රෝහල වෙත රැගෙන ගිය අවස්ථාවේදී දැරිය පරීක්ෂා කළ වෛද්‍යවරයා ඇය මාස හතරක ගැබිණියක් බව නිගමනය කොට තිබේ.
ඒ අනුව වෛද්‍යවරයා සිද්ධිය ගැන දැරියගෙන් විමසා පොලීසියට පමිණිලි කිරීමෙන් පසුව පොලීසිය සිද්ධියට සම්බන්ධ ව්‍යාපාරිකයාව අත් අඩංගුවට ගෙන ඇත.
මුලතිව් ප්‍රදේශයේ එම ව්‍යාපාරිකයා වයස අවුරුදු 38 ක දරුවන් දෙදෙනෙකුගේ පියෙකු බවට තොරතුරු හෙළි වී තිබේ.
ඔහුගේ වැඩිමල් දියණිය තමන් ලිංගික ක්‍රියාකාරකම් වලට යොදා ගත් දාහතර හැවිරිදි පාසල් දැරියගේ වයසට සමාන බවද කියවේ.
සැකකරු මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලියාවලෙයි පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවතා ගෙන යයි.
ඇමෙරිකාව විසින් යෝජනා කරනු ලැබූ තීරු බදු අඩුකර ගැනීම සඳහා අඛණ්ඩ සාකච්ඡා පැවැත්වීමට තීරණය කර…
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර ඇති බව වාර්තා වේ. මීට සුළු…
2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන…
ඉන්දියාවේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම The Resistance Front සංවිධානය (TRF) විසින් භාරගත් බව අමෙරිකානු රාජ්‍ය…
කොළඹ සිට මඩකලපුව බලා අද (18) අලුයම ධාවනය වුණු දුම්රියේ වන අලියෙකු ගැටී ඇති බව…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…