ශ්‍රී ලංකා

ත්‍රිපෝෂ නිෂ්පාදනයට කොන්දේසි සහිතව අවසරය !

ත්‍රිපෝෂ නිෂ්පාදනයට කොන්දේසි සහිතව අවසරය දෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියේ ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය අමතමින්.

ඒ අනුව, නිශ්චිත කාල සීමාවකට, දිවයිනේ පෝෂණ අවශ්‍යතා හඳුනාගත් දරුවන් උදෙසා ලබා දීම සඳහා මෙලෙස කොන්දේසි සහිතව ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවසර ලබා දුන් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන්කර සිටියේ.

නියමිත ප්‍රමාණය ඉක්මවා ත්‍රිපෝෂවල ඇෆ්ලටෝක්සින් ප්‍රමාණය අධික වීම හේතුවෙන් වයස මාස 6ත් අවුරුදු 3ත් අතර දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය තාවකාලිකව නවතා දැමීමට කටයුතු කළ බව‍‍යි සෞඛ්‍ය අංශයේ නිලධාරින් සඳහන් කර සිටියේ.

එම වයස් ඛාණ්ඩයේ දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂවල ඇෆ්ලටෝක්සින් අගය 1කට වඩා අඩු විය යුතු වුවත් එම අගය ඉක්මවා ගොස් තිබූ නිෂ්පාදන හේතුවෙන් එම තීරණය ගනු ලැබූ බවයි එම නිලධාරින් වැඩිදුරටත් සඳහන්කර සිටියේ.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

1 day ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago