සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් මිදිගම රුවන් නැමැත්තා ඩුබායිහි සිට ඊයේ මෙරටට රැගෙන අවා.
එසේ රැගෙන ආවේ ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය මඟින් රතු නිවේදන නිකුත්කර තිබූ පසුබිමකයි.
ඩුබායි රාජ්‍ය වෙත (30) වැනිදා පිටත්ව ගිය ත්‍රස්ත මර්දන කොට්ඨාස නිලධාරී කණ්ඩායමක් විසිනුයි ඔහු රැගෙන ආවේ.
සකකරු කටුනායක ගුවන්තොටුපොළේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ කෙටි වේලාවක් රඳවා තබාගෙන මූලික ප්‍රශ්න කිරීම් සිදුකර තිබුණා.
අනතුරුව ඔහු කොළඹ ත්‍රස්ත මර්දන කොට්ඨාසය වෙත රැගෙන ප්‍රශ්න කරමින් සිටින බවයි පොලිසිය පවසන්නේ.
මිදිගම රුවන් මීට මසකට පමණ ඉහතදී ඩුබායීහී රාත්‍රී සාමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් මත එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.
සැකකරු 2022 අගෝස්තු 4 වනදා ගල්කිස්ස අධිකරණයේදී පුද්ගලයෙකුට වෙඩිතැබීමේ සිද්ධියේ ප්‍රධාන සැලසුම්කරු බව පැවසෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය ඔහුට එරෙහිව රතු නිවේදන නිකුත් කරන ලෙස ඉල්ලා තිබුණේ ඉන් පසුවයි.
රුවන් නැමැත්තා නඳුන් චින්තක නොහොත් හරක් කටාගේ බිරිඳගේ සහෝදරයා වන අතර ඔහුගේ උපදෙස් මත සිදුකළ අපරාධ රැසකම මහමොළකරු මොහු බවයි පොලීසිය පවසන්නේ.
හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැනයාමට ගත් උත්සාහයේ සැලසුම්කරු වශයෙන් මිදිගම රුවන් හඳුනාගෙන ඇති බව පොලීසිය පවසනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…