සෛල ප්‍රතිකාරයක් තුළින් දියවැඩියා රෝගය සුව කිරීමේ නව ක්‍රමවේදයක් චීනයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සොයාගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ ෂැංහයි – චැංෂෙන්ග් සහ රෙන්ජි යන රෝහල්වල වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙම වැඩි දියුණු කරන ලද සෛල ක්‍රමවේදය සොයාගෙන ඇති බවයි.
සවුත් චයිනා මෝනිං පෝස්ට්හි වාර්තාවකට අනුව, තෝරාගත් දියවැඩියා රෝගියෙකුට 2021 වසරේ ජූලි මාසයේදී සෛල බද්ධ කිරීමක් සිදු කර ඇති අතර සති එකොළහක් ඇතුළත, ඔහුට ඉන්සියුලින් ලබාදීමක් අවශ්‍ය නොවූ බව සඳහන්.
ඔහු 2022 වසරේ සිට ක්‍රමයෙන් දියවැඩියා රෝගය සඳහා ලබාගන්නා ඖෂධ නවතා දමා ඇති අතර, මේවන විට එම රෝගියා ඉන්සියුලින් රහිතව ජිවත් වන බව සවුත් චයිනා මෝනිං පෝස්ට්හි වාර්තාවේ සඳහන්.
බ්‍රිතාන්‍ය කොලොම්බියා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන තිමෝති කීෆර් මෙම අධ්‍යයනය අගය කරමින් කියා සිටියේ දියවැඩියාව රෝගය පාලනය සඳහා වූ මෙම නව සෛල චිකිත්සාව සැලකිය යුතු දියුණුවක් සනිටුහන් කරන බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…