ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරින් තිදෙනෙකු සිය ගිනි අවි තලවකැලේ පොලිසියට ඊයේ (01) දින භාර දී පැය කිහිපයකට පසු යළි ඇවිත් එම ගිනි අවි යළි බාරගැනීම සිදු කළ බව පොලීසිය පවසයි.
පසුගිය දින කිහිපය තුළ අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා නුවරඑලිය ප්‍රදේශයේදි කලහකාරි ලෙස හැසිරිම සහ එම පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් රැගෙන නුවරඑලිය පොලිසිය ඉදිරිපිටට ගොස් නොසන්සුන්කාරි ලෙස හැසිරිම හේතුවෙන් ඇමති ආරක්ෂක අංශයෙන් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ ආරක්ෂක අංශ නිලධාරින්ට ලද නියෝගයක් මත මෙම නිලධාරින් තලවකැලේ පොලිසියට ගොස් සිය ගිනි අවි භාර දී ඇත.
එහිදී ඇමති ආරක්ෂක අංශයේ ගිනි අවි භාර ගන්නා ලෙස තලවකැලේ පොලිසියටද පොලිස් දුරකථන පණිවිඩයක් ලැබි තිබේ.
කෙසේ වෙතත් ඊයේ (01) පස්වරුවේ හදිසියේ ආදේශක නිලධාරීන් යෙදවීමට තිබූ දුෂ්කරතාව හේතුවෙන් පොලිසිය වෙත භාරගත් ගිනි අවි යළි එම නිලධාරින්ටම භාරදෙන ලෙස තලවකැලේ පොලිසියට ලද පොලිස් දුරකථන පණිවිඩයක් මත එම ගිනි අවි ඇමති ආරක්ෂක අංශයේ නිලධාරින්ට භාර දි ඇත.
ඒ අනුව, ඇමති ආරක්ෂක අංශයේ නිලධාරින් ඊයේ (01) දින රාත්‍රි 11 ට පමණ තලවකැලේ පොලිසිය වෙත පැමිණ ගිනි අවි යලිත් භාරගෙන තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…