ශ්‍රී ලංකා

අද සහ හෙට රජයේ සහ පෞද්ගලික ආයතන වසා දමනවාද?

මෙරටට බලපා ඇති අයහපත් කාළගුණික තත්ත්වය මත දිවයින පුරා රාජ්‍යය සහ පෞද්ගලික ආයතන අද සහ හෙට (3,4) දෙදින තුළ වසා දැමීමට තීරණය කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවක් නොමැති බවට රජයේ ඉහළ නිළදාරියෙක් තහවුරු කළ බව වෙබ් අඩවි කිහිපයක්ම වාර්තා කර සිටිනවා.

ඔහු පවසා සිටියේ මේ වනවිට දිවයින පුරා පාසැල් අද දිනයේ (3) පමණක් වසා තැබීමට රජය තීරණය කර ඇති බවත් රාජ්‍යය හෝ පුද්ගලික අංශයේ ආයතන සම්බන්ධයෙන් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

කෙසේ වෙතත් පාසැල් පද්ධතිය නැවත හෙට දිනයේ (4) යලි ආරම්භ කරනවාද යන්න අද දිනය තුල තීරණය කිරීමට නියමිත බවත්, රටේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් අදාළ අංශ සමඟ සාකච්ඡා කර ඒ පිළිබඳ තීරණයක් අද දහවල් ලබාදීමට නියමිත බවත් එම නිලධාරියා පවසා තිබෙනවා.

එමෙන්ම ඔහු වැඩිදුරටත් කියාසිටියේ අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් යම් ආයතනයක අභිමතය පරිදි වසා දැමීමට තීරණය කර ඇතිනම් හැරෙන්නට ‍රජය විසින් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

21 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

24 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago