ශ්‍රී ලංකා

අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණයට කැබිනට් අනුමැතිය !

අධ්‍යාපන පරිපාලන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පාසල් වර්ගීකරණය කිරීම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඒකක නවයක් පළාත් නවය තුළ ස්ථාපිත කිරීම, කලාප අධ්‍යාපන කාර්යාල සංඛ්‍යාව විද්‍යාත්මක හා ප්‍රමුඛතා අනුපිළිවෙලක් මත පදනම්ව 100 සහ 122 දක්වා අදියර වශයෙන් වැඩි කිරීම, පාසල් සුපරීක්ෂණය, ගුරුවරු අධීක්ෂණය සහ පාසල් පාදක ඇගැයීම් වල වලංගුතාව තහවුරු කිරීම අරමුණු කර ගනිමින් දැනට පවතින කොට්ඨාස අධ්‍යාපන කාර්යාල 314ක් ද ඇතුළත් කර ගනිමින් පාසල් මණ්ඩල 350ක් ස්ථාපිත කිරීම, තෝරගත් ද්විතීයික පාසල් එකක් හෝ කිහිපයක් ප්‍රමුඛ පාසල් ලෙස නම් කරමින් එක් පොකුරක් පාසල් 8 සිට 12ක් පමණ වන සංඛ්‍යාවකින් සමන්විත වන පරිදි සමස්ත පාසල් පද්ධතිය පාසල් පොකුරු 1220කට ඇතුළත් කිරීම, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය සහ ගුරු උපදේශක සේවය සඳහා අවශ්‍ය නිලධාරීන් බඳවා ගැනීම යන කරුණු සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

21 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

24 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago