ශ්‍රී ලංකා

ගංවතුරේ බෝට්ටු පැදි තරුණයකු විදුලි සැර වැදී මරුට !

ගංවතුරේ සිරි නැරඹීමට බෝට්ටුවකින් ගිය තරුණයෙකුට විදුලි සැර වැදී මරණයට පත්ව තිබෙනවා.

තරුණයින් 20ක් පමණ රැගත් බෝට්ටුවක් පදවාගෙන ගිය තරුණයා අත තිබූ උන ලීයක් ඉහළට එසවීමේදී අධිබල විදුලි රැහැනක ගැටීමෙන් විදුලි සැර වැදී තිබෙනවා.

එහිදී තරුණයා විසි වී ගොස් වතුරට වැටී ඇති බවත් සෙසු තරුණයින් පිරිසටද විදුලි සැර වැදී ඇති බවත් පොලිසිය පවසනවා.

නමුත් සෙසු තරුණයින්ට බරපතල තත්ත්වයක් ඇති නොවූ බවයි පොලිසිය පවසන්නේ.

මේ සිදුවීම බුලත්සිංහල දිවලකඩ ප්‍රදේශයන් වාර්තා වූ බවයි බුලත්සිංහල පොලිසිය හිරු නිවුස් වෙත පැවසුවේ.

ඊයේ (03) සවස සිද්ධිය වාර්තා වූ අතර ඉන් මියගොස් ඇත්තේ බුලත්සිංහල, දිවලකඩ ප්‍රදේශයේ පදිංචි දමිත් කුමාර නැමැති තරුණයෙකු බවද පොලිසිය සඳහන් කළා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

7 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

11 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

12 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

14 hours ago